Competition Logo

රජුන් සේ සිතමු - පොසොන් චිත්‍ර තරගය

චිත්‍ර තරගය පිළිබඳ හැඳින්වීම

අරුතක් සිතුවමට !

පොසොන් පෝය නිමිති කොටගත් සිතුවම් නිර්මාණයට එකතු වෙමු.

අඹ පැණ විසඳමු !

1988 වර්ෂයේ කාලය සඟරාවේ පොසොන් කලාපයට, ආචාර්ය නලින් ද සිල්වා මැතිතූමා විසින් මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුන්ගෙන් ඇසු පැන පිළිබඳ පැහැදිලි කර "මිහිඳු හිමියන් ගේ ප්‍රශ්න හා ගණිතය" මැයෙන් ලිපියක් ලියන ලදී. එම ලිපියේ දී ගණිතය භාවිතා කර මිහිඳු හිමියන් ඇසු ප්‍රශ්න පිළිබඳ අගනා පැහැදිලි කිරීමක් එතුමා සිදු කර ඇත. එම අදහස පසු අවස්ථා වල එතුමා වර්ධනය කර ඇති අතර, ඒ පිළිබඳ ව තරගය වෙනුවෙන් සාදා ඇති වීඩියෝවේ විස්තර කරයි.

මෙම චිත්‍ර තරගයේ අරමුණ එම ලිපිය කියවා, එහි ඇති අදහස තේරුම් ගෙන, එයට ගැලපෙන නිර්මාණයක් තරගය සඳහා ඉදිරිපත් කිරීමයි. මේ සඳහා අනිවාර්යයෙන් වීඩියෝව නැරඹිම හා ලිපිය කිය විය යුතුයි.

නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය:

2024 අගෝස්තු මස 20 වැනිදා (නිකිණි පොහොය දින)

තරගයේ නීති රීති

වයස් කාණ්ඩ:

  • වයස අවුරුදු 16 ට අඩු
  • වයස අවුරුදු 16 -19 අතර
  • වයස අවුරුදු 19 ට වැඩි

මෙම තරගයට අයැදුම් කිරීමට, අප ඉදිරිපත් කර ඇති වීඩියෝව නැරඹීම අනිවාර්‍ය අංගයක් වේ. ඔබගේ චිත්‍රය සමග "රජුන් සේ සිතමු වීඩියෝව නැරඹූ බවට සහතික වෙමි" යන වාක්‍යය ලියා එවන්න.

  • සිතුවම් සඳහා ඔබ කැමැති මාධ්‍යයක් භාවිත කළ හැක.(දිය සායම්, පෝස්ටර් සායම්, තෙල් සායම්, පෑන්, කොලාජ් නිර්මාණ, පැස්ටල් කූරු හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක්)
  • ඩිජිටල් චිත්‍ර නිර්මාණය කරන ඔබට ද තරගය විවෘත වේ.
  • නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු අතර තේමාව පිළිබඳ ව ගුරු දෙමාපියන් සමග අදහස් හුවමාරු කර ගැනීම / අනුශාසනා ලබා ගැනීම අප අනුමත කරමු.

ඔබගේ නිර්මාණය සමග පහත සඳහන් විස්තර පැහැදිලිව එවන්න.
  • අයදුම්කරුගේ නම
  • වයස් කාණ්ඩය
  • උපන් දිනය
  • තැපැල් ලිපිනය
  • දුරකථන අංකය

ත්‍යාග

16 න් පහළ වයස් කාණ්ඩය

  • 1 වන ත්‍යාගය: මුදලින් රු. 25,000/= සහ පොත් කට්ටලයක්
  • 2 වන ත්‍යාගය: මුදලින් රු. 15,000/= සහ පොත් කට්ටලයක්
  • 3 වන ත්‍යාගය: මුදලින් රු. 10,000/= සහ පොත් කට්ටලයක්
  • සැනසිලි තෑගි 10 ක්: අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණ කට්ටලය බැගින්
  • හොඳම චිත්‍ර 45 සඳහා ‘මගේ ලෝකය’ පොත බැගින්
  • විශේෂ ත්‍යාගය: වසරක් දක්වා මාසිකව මුදල් ශිෂ්‍යත්වයක්

16 - 19 ත් අතර වයස් කාණ්ඩය

  • 1 වන ත්‍යාගය: මුදලින් රු. 25,000/= සහ පොත් කට්ටලයක්
  • 2 වන ත්‍යාගය: මුදලින් රු. 15,000/= සහ පොත් කට්ටලයක්
  • 3 වන ත්‍යාගය: මුදලින් රු. 10,000/= සහ පොත් කට්ටලයක්
  • සැනසිලි තෑගි 10 ක්: අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණ කට්ටලය බැගින්
  • හොඳම චිත්‍ර 45 සඳහා ‘මගේ ලෝකය’ පොත බැගින්
  • විශේෂ ත්‍යාගය: වසරක් දක්වා මාසිකව මුදල් ශිෂ්‍යත්වයක්

19 න් ඉහළ වයස් කාණ්ඩය

  • 1 වන ත්‍යාගය: මුදලින් රු. 25,000/= සහ ‘මගේ ලෝකය’ පොතක්
  • 2 වන ත්‍යාගය: මුදලින් රු. 15,000/= සහ ‘මගේ ලෝකය’ පොතක්
  • 3 වන ත්‍යාගය: මුදලින් රු. 10,000/= සහ ‘මගේ ලෝකය’ පොතක්

සම තෑගි 10 ක්: පොත් වවුචරයක් සමග ‘මගේ ලෝකය’ පොතක්

නිර්මාණ අප වෙත එවිය හැකි ක්‍රම

සුදුසු ඝනකම ඇති A3 හෝ A4 කොළයක ඔබේ සිතුවම නිමකර

  • චිත්‍රයේ ස්කෑන් පිටපතක් poson.sithuvam@gmail.com ලිපිනයට ඊමේල් කිරීමෙන් හෝ
  • +94776390303 අංකයට වට්ස් ඇප් කිරීමෙන් හෝ
  • ඔබගේ චිත්‍රය ලියා පදිංචි තැපෑලෙන් හෝ එවිය හැක. (තැපෑලෙන් එවන්නේ නම් +94776390303 අංකයට අමතන්න.)

නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය:

2024 අගෝස්තු මස 20 වැනිදා (නිකිණි පොහොය දින)

අප අමතන්න

ඔබට කිසියම් ප්‍රශ්නයක්, පැහැදිලි කර ගැනීමක් ඇත්නම්, poson.sithuvam@gmail.com යන අපගේ විද්‍යුත් ලිපිනයට ඊමේල් කරන්න.